Monday, August 20, 2018

ප්‍රේමය.....

හිමි
අහිමි
නොතකන
ගණු නැති
දෙණු ඇති
නිදහස්
ප්‍රේමය.....
මනරම්

Sunday, July 15, 2018

මා හසඟනාවී....

මා හසඟනාවී....
ලොවට එළිය දුන් ස්නේහවන්ති....
නැහැ යන්නේ මා ඔබ හැරදා....
කිසිදා....

රෑ අහස දෙස බලන්න....
ඈතින් පෑයූ නිල් තරු කැටය මමයි
ඔබ දිහා ම බලාන ඉන්න.....
නල මුදු සුව විඳ ගන්න....
ගත දැවටෙන සිහිළැල් පවන මමයි
ඔබෙ සුසුම් සුවඳ ගෙන යන්න....

මා හසඟනාවී....
ලොවට එළිය දුන් ස්නේහවන්ති....
නැහැ යන්නේ මා ඔබ හැරදා....
කිසිදා....

තනිකම නොදැනෙන්නට ඔබට
දිවියට යළි සෙනෙහස දෙන්න
ආදරයට ආදරෙ වෙන්න
අත දෙන්න...
එක්වෙන්න...
සැනසෙන්න...
මම ඉන්නම් ඔබදෙස බලාන
සැමදාම...
නොපෙනෙන්න...
නොදැනෙන්න...
ඔබ වෙතම.....

ඔබ වෙතම.....

Friday, March 25, 2016

අධ්‍යාපනය මොන තරම් සිල්ලරට විකිනෙනවද???

ඒ දවස් වල මම ඉගැන්නුවේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රයිවට් උපාධි කඩයක. කඩයක් කියල නොදැනයි රස්සාවට ගියේ, බුදු අම්මෝ ඉන්ටර්වීව් එකේදි ප්‍රධාන ශාඛා කලමණාකාර තුමා ආයතනය ගැන දුන්නු වර්නනාවෙ හැටියට අපි ගියපු කැම්පස් එක කැම්පස් එකක් මද කියලත් හිතෙන්න ගත්තා...

රස්සාව කරන්න තිබ්බෙ xxxxx ශාඛාවෙ, HNDE ළමයින්ටයි උගන්නන්න තිබුනේ, කලින් සබ්ජෙක්ට්ස් කරපු visiting lecturers ලව මම ආපු නිසා නවත්තපු නිසා එයාල බලපු නැති කෝස් වර්ක් තොගයකුත් එක්ක අලුත් බැච් එකක සබ්ජෙක්ට්ස් කිහිපයක් මට භාර වගකීම් වුනේ....

ටික දවසක් දැහැමෙන් සෙමෙන් කාලය ගතවුනත් හදිස්සියේම මරාලයක් කඩාපාත් වුනා. ඒ තමා උපාධි ප්‍රධානෝත්සවය. එයාලගෙ උපාධි ප්‍රධානෝත්සවය තියෙන්නේ හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ. අවුරුද්ද පුරාම විවිධ ඩිප්ලොමා උපාධි අවසාන කරපු ළමයි හැමෝම ඒ අවුරුද්දෙ දෙසැම්බර් තියෙන උපාධි ප්‍රධානෝත්සවය ට සුදුසුකම් ලබනවා.

ඔය කාලෙට හරිම ජන්ජාල ගොඩයි. ලොකුම ප්‍රශ්නෙ තමයි රිපීට් වෙච්ච ළමයි රීසබ්මිශන්ස් අරන් අන්තිම මොහොතේ එන එක.

එහෙම ළමයින්වත් කොහොම හරි කොන්වකේශන් තල්ලු කරන්න කියල අපට දරුණු බලපෑම් එනව ඔය කාලෙට කළමණාකාරීත්වයෙන්.

කොන්වකේශන් යන ළමයින්ගෙ නම් ලැයිස්තුව යවන්න තියෙන්නෙ හෙටයි කියල තියෙද්දි, කලබල ජරමර අස්සේ පාඨමාලා සම්භන්දිකාරක තුමා මගේ මේසේ ළඟට ආවා ළමයෙකුත් එක්කම,
"නිශානි.... බැච් ටූ එකේ මේ සමීරගේ මැත්ස් රිපීට් එකක් තියෙනවා. ඉතිරි සබ්ජෙක්ට්ස් ඔක්කොම හරි. ඔයාට එයාගේ කෝස් වර්ක් එක චෙක් කරල බලන්න පුලුවන් ද මොකද වෙලා තියෙන්නෙ කියලා... එයාව මේ පාර කොන්වකේශන් දාන්න ඕන."

"හහ්... රිපීට්??? ඒ මදිවට හරි වැරදි බලපු කෝස් වර්ක් එක අරගන්න එන්න වත් උනන්දුවක් තිබුනු ළමයෙක් නෙමෙයි. කොන්වකේශන් කියල ආයතනයෙන් ලියුම් ගැහුවම තමා නින්දෙන් ඇහැරල තියෙන්නේ" මම මටම කියා ගන්න ගමනුයි රොෂාන්ත ගෙනාපු කෝස් වර්ක් එක පෙරලල බැලුවේ, කවුරු උනත් ළමයෙක් නිසා, මොනව හරි දෙයක් කරන්න පුලුවන්ද බලන්න. ගණන් කීපයක් වැරදියි.

"පුතේ ඔයාට පුලුවන් නම් මේක හරියට හදලා හෙට උදේට රීසබ්මිට් කරන්න, මම කරෙක්ට් කරලා, පාස් එකක් තිබුනොත් කොන්වකේශන් ලිස්ට් එකට දාන්නම්. මට කරන්න පුලුවන් උදව්ව එච්චරයි" මම කිව්වෙ ළමයගෙ අනාගතේ ගැන හිතලා මට කරන්න පුලුවන් උපරිම දේ.

ඕක මහ දෙයක් නෙමෙයි. මම උනානම් කරන්නේ හරියට කරපු එකෙකුගෙන් අහගෙන හරි, හරි කෝස් වර්ක් එකක් හොයාගෙන කොපි කරගෙන හරි උදේට සබ්මිට් කරන එක. නයිටක් දාලා කෝස් වර්ක් එකක් කරන්න වත් බැරි නම් මොන කොන්වකේශන් ද??

ළමය ඉතින් කෝස් වර්ක් එකත් අරගෙන සද්ද නැතිව ගියා.

ටිකකින් රොෂාන්ත ඇවිත් කියනවා, ළමය අහනවලු

"අය්යේ, මම දැන් අද රෑ නිදි මරල මේක හදලා හෙට සබ්මිට් කරාම මැඩම් මේක බලල මාව පාස් කරනවනේ, ඉතින් අය්යට බැරිද මම සබ්මිට් කරා, මැඩම් මාව පාස් කරා කියල හිතල මාව කොන්වකේශන් ලිස්ට් එකට දාන්න???"

අපි හැමෝම ඔය කතාව අහල හිනා උනා. ළමයා කෝස් වර්ක් එක සබ්මිට් කරේ නැහැ. මටත් සිද්දිය අමතක වෙලාම ගියා. හැබැයි මට අඬන්න හිතුන කොන්වකේශන් දවසේදි.
සබ්ජෙක්ට් ලෙක්චරර් වන මම නොදැනුවත් ව සහ මගේ අනුමැතියක් නැතිව ඒ ළමයා වේදිකාවට නැගල ඩිප්ලොමා සහතිකය ගත්තා දැකලා මට ඇස් අදහ ගන්න බැරි උනා.

රට පුරාම තියෙන උපාධි කඩ වල අධ්‍යාපනය මොන තරම් සිල්ලරට විකිනෙනවද??? ඔහොම බැලුවම ළමයෙක් සල්ලි ගෙවලා රෙජිස්ටර් උනාට පස්සේ ඒ ළමයට ඉගැන්නුවා කියල හිතල සහතිකේ දෙන කාලේත් වැඩි ඈතක නෙමෙයි.

ඕක තමයි අද අපේ රටේ බහුතරයක් ප්‍රයිවට කඩ වල ගුණාත්මකභාවය !!!!

Thursday, September 10, 2015

තවත් ප්‍රේම කතාවක්...

"උඹ නම් මගෙ කුසෙන් වදාපු දරුවෙක් නෙමෙයි පොඩි දුවේ.... අර රත්තරන් කොල්ලා උඹට මොනව නොදුන්නට ද උඹ ඒ කොල්ලට මෙහෙම කරන්නෙ, මිනිහව අත් ඇරලා ආවා කියල උඹ හිතන්න එපා උඹට ඕන නාඩගම් නටන්න පුලුවන් කියල. උඹ මෙහෙ ඉන්නව නම් මේ ගෙදරින් පිට යන්නේ අපි එක්ක විතරයි. රස්සාවට යන්න, යාලුවො හම්බුවෙන්න, කිසිම දෙයක් බෑ, එහෙම බැරි නම් ආපු දිහාටම යන්න පුලුවන්"

අම්මා පිට කරන්නේ අම්මගේ වේදනව, කිසි වැරද්දක් කියන්න බැරි කසාද මිනිහව බැඳලා මාසයක් යන්නත් කලින් කිසිම සාධාරණ හෙතුවක් නැතුව දාලා ආපු තමන්ගෙ දුවට මීට වඩා හොඳින් කතා කරන්න ඒ අම්මට බැරිව ඇති.

සඳමාලිට දුෂාන්තව හම්බුනේ කැම්පස් ට්‍රේනින් ඉන්න කලේ, සඳා ට දුශාන්ත ගැන විශේෂ හැඟීමක් තිබුනෙ නෑ. තමන්ගෙ පස්සෙන ආපු දුසිමක් දෙකක් කොල්ලන්ට වඩා කිසිම වෙනසක් දුශාන්තගෙ තිබුනෙ නැහැ.

"සඳමාලී මම ඔයාට කැමතියි...."

"දුශ්.. මට ඔයා ගැන කිසිම විශේෂ හැඟීමක් නැහැ...."

පලවෙනි වැරැද්ද සඳමාලි මේ අවශේෂ දුශ් එක්ක සම්බන්දයක් දිගටම පවත්වගෙන ගිය එක. ඒ වෙද්දි එක් විශේෂ මිනිහෙක් නිසා කැඩිල බිඳිල අන්තෙටම රිදිල හිටිය සඳමාලිට දුශ් හොඳ යාලුවෙක් උනා.

තමන් ආදරය කරන කෙනාව නෙමෙයි බඳින්න ඕන තමන්ට ආදරේ කරන කෙනෙක්ව කියල අහල තියෙනවද???
ඒක හරිම මෝඩ කතාවක්!!!

ඉතින් ඉතින් සඳමාලියි දුශාන්තයි හෙමින් හෙමින් විවාහය දක්වාම ආවා.....