Saturday, July 26, 2014

හදමු Vegetable Pan Cake??? හරි ලේසියි....

අපේ ඔපීසියේ breakfast buffet එකේ සමහර දාට තියෙනව එළවලු දාපු රොටී ජාතියක්, හරිම රහයි, ඉඳල හිටල හදන නිසාද මන්ද ඒවට චීන්නුන්ගෙන් වගේම Local staff එකෙනුත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා.
චීන කුකාගෙන් මේ මොනවද කොහොමද හදන්නෙ වගේ ප්‍රශ්නෙකට මේ ආත්මෙදි උත්තරයක් ගන්න බැරි නිසා මම ම මහන්සි වෙලා හොයා ගත්තා රොටියේ නමයි, හදන විදියයි. හොයා ගත්තා විතරක් නෙමෙයි experimental result එකත් තියෙනවා මන් ළඟ... අනේ හරී රසයි. ඒ වගෙම ලේසියි. කඩෙන් කාල එපාවෙලා ඉන්න තනිකඩ ජීවිතෙකට නම් excellent.

මේව තමා පෑන් කේක් . අපිට පුරුදු පැණි පොල් දාපු වෙල්ල වැහුම් විතරයි උනාට මේක පිට රටවල් වල නම් හුඟාක් ජනප්‍රියයි වගේ.



Wikipedia  නම් තියෙන්නේ ග්‍රීකයෝ තමයි මුලින්ම මේවා හදල තියෙන්නෙ කියලා, ඒ වගේම එක එක රටවල විවිධ නම් වලින් හඳුන් වන පෑන් කේක් වලම වෙනස් විශේෂ ගැනත් තොරතුරු තියෙනවා. ලංකවෙත් තරු හෝටල් වල breakfast buffet එකේ පෑන් කේක් වරදින්නේ නැහැ.
මදැයි අවශේෂ විස්තර ලිව්වා, බලමුද හදන විදිය රූපත් එක්කම. අවශ්‍ය ද්‍රව්‍ය නම් තියෙන්නෙ මම දාපු ප්‍රමාණ වලින්

බිත්තර 1යි
ලීක්ස් 100 g
කැරට් 100 g
කරපිංචා ඉති 3ක්
පාන් පිටි මේස හැඳි 3ක්
කිරි කෝප්ප 1/4
ළූණු, අමු මිරිස්
ලුනු, ගම්මිරිස් රස පමණට

මුලින්ම කරන්න ඕන කැරට්, ලීක්ස්, බීළූණු, කරපිංචා හීනියට කපා ගන්න එක. ඊට පස්සේ වෙනම භාජනයක බිත්තරයි කිරි යි මිශ්‍ර කරලා ( ගෑරප්පුවකින් යන්තම් ගසා ගත්තම ඇති ) ඒකටම ලුනු, ගම්මිරිස් එකතු කරලා කපා ගත්තු එළවලු ටිකත් මිශ්‍ර කර ගන්න ඕන.

ඊට පස්සේ පිටි හැඳි 3 පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් පිටි කැට හිටින්නෙ නැති වෙන්න මිශ්‍ර කර ගන්න ඕන.
ඔච්චරයි සෙල්ලම. මෙන්න හදා ගත්තු batter එක.


පෑන් එකක් ලිපේ තියලා තෙල් හරි මාජරින් හරි පොඩ්ඩක් දාල ඒකට අර හදා ගත්ත මිශ්‍රනයෙන් 1/4 විතර වෙන්න දාලා දෙපැත්ත බැද ගන්නයි තියෙන්නේ.


මම නම් පෑන් කේක් එකක් හදලා ඒ උඩට චීස් පෙත්තක් තියලා, තවත් පෑන් කේක් එකක් රස්නෙන්ම ඒ උඩට දා ගත්තා.... පෑන් කේක් චීස් මෙල්ට්ස්.


ඒ මොනවත් නැතුව උනත් උනුවෙන් කද්දි මාර රසයි.

මුල් පින්තූර 5ම ගත්තේ ජාලයෙන්.

1 comment:

  1. අද ගෙදර තනියම ඉන්න හින්ද දැන් ඔයාගෙ recipe එක හදල කාල බැලුව . හරිම රසයි, ලේසියි. ඇඟටත් ගුනයි වාගෙ හිතන්නෙ, බොහොම පින්.

    ReplyDelete