Saturday, July 5, 2014

මොනවද මේ Solvent Cement ???

මේක ඔපීසියේ කතාවක්..... කතාවට කලින් මම කවුද කියල හඳුන්නවලා දුන්නොත් හොඳයි කියල හිතෙනවා.... මම සිවිල් ඉංජිනේරු වරියක්.... අපේ ආයතනය පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක්..... ඉංජිනේරු නෙමෙයි මොකෙක් උනත් ඔපීසි යන ගෑණු ළමයි නිතර මූණ දෙන ප්‍රශ්නයක් තමයි සපත්තු සෙරෙප්පු වල පටි හිටි හැටියෙ කැඩෙන එක..... කලින් නොදන්වා අතරමගකදි එයාලට අපිව දාල යන්න හිතෙන එක...

ඉතින් මේ කියන දවසෙත් මම මේ සුපුරුදු ඇබැද්දියට මූණ පාලා UHU ටියුබ් එකක් ගෙන්න ගන්න විදියක් නැතුව ලත වෙමිනුයි හිටියේ.... ඔන්න ටිකකින් ආව එහා කාමරේ ඉන්න ප්‍රමාණ සමීක්ෂක මල්ලියා....

"මොකෝ නිශා මේ සපත්තු සෙරෙප්පු ගලවගෙන..."

මම ඉතින් මගෙ ශෝක ප්‍රකාශය කලා.... " කඩේට යවන්න වත් කෙනෙක් නැහැනෙ. අනික මෙතන කඩෙන් super glue ගෙන්න ගත්තත් වැඩක් නැහැ ඒවට සපත්තු පටිය පිච්චිලා යනවා........"

"ආ.... ඕකට හොඳ solvent cement , ඒකට හොඳට ඇලවිලා හිටිනවා. සයිට් එකේ ඉතුරු වෙච්චා මෙහේ ඇතිනේ...???"

solvent cement??? ඒ මොන අපබ්‍රංශයක් ද කියලා මම හිතද්දි මම වගේම හිතුව තවත් අය ඉඳලා....

"මොනවද බං ඒ???" එහෙම ඇහුවේ මටත් වඩා ක්ෂෙත්‍ර අත්දැකීම් තියෙන අපේ භූ තාක්ෂණ ඉංජිනේරු අයියා. එයත් දන්නේ නැත්තන් ඉතින් මම කොහොමද දන්නේ නේද???

"අයියෝ... ඕක දන්නේ නැද්ද??? " ප්‍රමාණ සමීක්ෂක මල්ලි අපෙන් අහනවා.... හතර විළි ලැජ්ජාවයි.... මගේ මූණ දිහත් බැලුවා.....

"Engineering grout වත් ද??? උඹ ඒවා දාලද සපත්තු අලවන්නේ....." භූ තාක්ෂණ අයියා බෝලෙ පාස් කරා. 

"solvent cement කියන්නේ -------- වලට, මමත් ඕක ඉගෙන ගත්තේ වැඩමුළුවකදී, අපෙනුත් ඕකම ඇහුවා. එතන හිටිය එකෙක් වත් දැනන් හිටියෙ නෑ......."

ඉතින් දන්නවද solvent cement කියන්නේ මොනවටද කියලා??? අපේ ගෙදර නම් නිතරම පාවිච්ච් වෙන දෙයක්...!!!!

8 comments:

  1. හැක් හැක්.. පයිප්ප බාස් කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නේ.. අදයි ආවේ..

    ReplyDelete
  2. Please add Blogger Follower Gadget so we can easily follow you. thanks

    ReplyDelete
    Replies
    1. Thanks for coming... I'll Add that, I'm new to this, so still learning..... appriciate your comments...

      Delete
  3. Replies
    1. අපෝ.... ඕක දන්නෙ නැද්ද ප්‍රියා????

      Delete
  4. ඒ මොනාද ඒ ..???????

    ReplyDelete