Monday, June 30, 2014

මිත්‍ර ද්‍රෝහියා

මේක කැම්පස් කතාවක්, අපි කැම්පස් ගිය අලුත බෝඩ් වෙලා හිටියේ කැම්පස් එකට මීටර් 500 ක් විතර ඈතින් තිබුන හරස් පාරක තිබුණ තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවේ.... ලංකාවෙ හතර දිගෙන් ආව අපි පළවෙනි වතාවට මුණගැහුනේ ඔය බෝඩිමේදි.ඉතින් අලුත් යාළුවෝ පුරුදු නුපුරුදු ගතිය තිබුණා සතියක් දෙකක් යනකන්ම.

බෝඩිමේ යාළුවන්ගෙන් එක්කෙනෙක් මතුගම, මතුගම භාශාව ටිකක් අමුතුයි, අතුගානව නෙමෙයි පිහදානව, උයනව නෙමෙයි වියනව, රබර් පටි වලට කියන්නෙ ගාටස්... ඔය වගේ වෙනස්කම් කෝටියයි. අපේ පළාතෙත් ඔය වගේම උප භාශාවක් තිබුණට පුංචි කාලෙම අම්මගේ කොළඹ නෑයොන්ගෙන් සවුත්තුව කාල තිබුන නිසා මම නම් නිතරම ප්‍රවේසම් සහිතවයි කතා කලේ.

ඉතින් අපේ මතුගම යාළුවගෙ ලොකුම චාටර් පොයින්ට් එක තමා එයාලගෙ ගෙදරට පේන්නෙ ITN විතරයි කියන එක, ඕක ඇත්තටම අපි Generalize කරල තිබුණේ මතුගමට පේන්නෙ ITN විතරයි කියලා. කොහොම උනත් ඔය හේතුව නිසාමද මන්ද අපේ යාළුව ටෙලි නාට්‍ය වලට නළු නිළියන්ට එහෙම හරී...ම කැමතියි.

ඉතින් අපේ බෝඩිම පාරෙම තවත් ටිකක් ඈතට වෙන්න පදිංචි වෙලා හිටියා මෑතකදි ජාත්‍යන්තර සම්මානයක් ලැබුණ ජනප්‍රිය නළුවෙක්, ඒ දවස් වල තරුණ ජනප්‍රිය නළුවෙක්....


අපි බෝඩිමට එද්දිත් බෝඩිමේ ඇන්ටි නළුවා ඉන්නෙත් ඒ පාරෙමයි. නිතරම පාරෙ යනව එනව දකිනව කියලා marketing පාර දාලයි තිබුණේ. ඉතින් අපේ යාළුවා නළුවාව සියැසින් දැක ගන්න පෙරුම් පුරමින් ඉඳල තිබුණේ අපි කාටත් හොරෙන්, මොකද අපි දැනගත්තොත් සිද්දවෙන දේ ඒ වෙද්දි අත්දැකීමෙන්ම දන්නව.

ඔන්න දවසක් දසුනිකා යි අමාලියි ලෙක්චර්ස් ඉවරවෙලා බෝඩිමට එනවා.

"දසූ... අන්න ජගත් චමිල යනවා....."

"කවුද අනේ....."

"ජගත් චමිල....."

"මොන ගෲප් එකේ ළමයෙක් ද???"

"වැඩක් නෑ දැන් එයා ගියා, ළමයෙක් නෙමෙයි, ඒ අර නළුවනේ දසූ ඔයාට මතක නැද්ද???"

"නළුවා??? නළුවා ගියා????"

"ඔයාට තිබ්බෙ නැද්ද අමාලි ටිකක් උනන්දුවෙන් මට පෙන්නන්න??? මම හිතුවේ මේ කමකට නැති කොල්ලෙක්ව පෙන්නනව කියල..... මම කොච්චර ආසාවෙන්ද හිටියේ එයාව බලන්න...."

"මිත්‍ර ද්‍රෝහියා"

එතන ඉඳලා බෝඩිමට එනකන්මයි බෝඩිමට ඇවිල්ලත් ටිකක් වෙලා යනකලුයි අමාලි බැනුම් ඇහුවා මිත්‍ර ද්‍රෝහියා කියලා, නළුවාව පෙන්නුවේ නැති වරදට


පින්තූරය ගත්තේ: http://archives.dailymirror.lk/2007/04/16/life/1.asp

6 comments:

  1. ITN විතරක් පේනවා කියන්නෙ ඊට හොදා TV එකක් නැතුවම ඉන්නවා. :)

    අළුත් බ්ලොගට සුබ පැතුම්…!!! දිගටම ලියන්න.…

    ReplyDelete
    Replies
    1. දැන් නම් PEO TV තියෙනවා මගෙ හිතේ...
      Comment එකට ස්තූතියි... දිගටම ලියමි... දිගටම කියවමු...

      Delete
  2. දැන් නළුවා ගේ මාරු කරලා නිසා යාලුවට දුක ඇති නේද?
    :D

    ReplyDelete
    Replies
    1. ආ.... දැන් එහේ නැද්ද???

      Delete
  3. මෙක ලියන්නෙ ගැහැණු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද ?

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයෙක් සහෝ.....

      Delete