Thursday, September 10, 2015

තවත් ප්‍රේම කතාවක්...

"උඹ නම් මගෙ කුසෙන් වදාපු දරුවෙක් නෙමෙයි පොඩි දුවේ.... අර රත්තරන් කොල්ලා උඹට මොනව නොදුන්නට ද උඹ ඒ කොල්ලට මෙහෙම කරන්නෙ, මිනිහව අත් ඇරලා ආවා කියල උඹ හිතන්න එපා උඹට ඕන නාඩගම් නටන්න පුලුවන් කියල. උඹ මෙහෙ ඉන්නව නම් මේ ගෙදරින් පිට යන්නේ අපි එක්ක විතරයි. රස්සාවට යන්න, යාලුවො හම්බුවෙන්න, කිසිම දෙයක් බෑ, එහෙම බැරි නම් ආපු දිහාටම යන්න පුලුවන්"

අම්මා පිට කරන්නේ අම්මගේ වේදනව, කිසි වැරද්දක් කියන්න බැරි කසාද මිනිහව බැඳලා මාසයක් යන්නත් කලින් කිසිම සාධාරණ හෙතුවක් නැතුව දාලා ආපු තමන්ගෙ දුවට මීට වඩා හොඳින් කතා කරන්න ඒ අම්මට බැරිව ඇති.

සඳමාලිට දුෂාන්තව හම්බුනේ කැම්පස් ට්‍රේනින් ඉන්න කලේ, සඳා ට දුශාන්ත ගැන විශේෂ හැඟීමක් තිබුනෙ නෑ. තමන්ගෙ පස්සෙන ආපු දුසිමක් දෙකක් කොල්ලන්ට වඩා කිසිම වෙනසක් දුශාන්තගෙ තිබුනෙ නැහැ.

"සඳමාලී මම ඔයාට කැමතියි...."

"දුශ්.. මට ඔයා ගැන කිසිම විශේෂ හැඟීමක් නැහැ...."

පලවෙනි වැරැද්ද සඳමාලි මේ අවශේෂ දුශ් එක්ක සම්බන්දයක් දිගටම පවත්වගෙන ගිය එක. ඒ වෙද්දි එක් විශේෂ මිනිහෙක් නිසා කැඩිල බිඳිල අන්තෙටම රිදිල හිටිය සඳමාලිට දුශ් හොඳ යාලුවෙක් උනා.

තමන් ආදරය කරන කෙනාව නෙමෙයි බඳින්න ඕන තමන්ට ආදරේ කරන කෙනෙක්ව කියල අහල තියෙනවද???
ඒක හරිම මෝඩ කතාවක්!!!

ඉතින් ඉතින් සඳමාලියි දුශාන්තයි හෙමින් හෙමින් විවාහය දක්වාම ආවා.....

2 comments:

  1. මෙහෙමත් කතා ලියනවද? කෝ ඊලග ටික? ඊට පස්සේ මොකද උනේ?

    ReplyDelete