පහුගිය දවසක මට මාරය හම්බුණා.... මුණ ගැහුන කියලත් කියන්න බෑ මාරය අහම්බෙන් හමුවෙලා මාව දැක දැකත් මගේ ඇඟේ හැප්පුනා. ඉන්පස්සේ මාරයා මාව ලුහු බැන්දා...
ඔන්න තොරණේ විස්තරේ.....
ගියා මම ෂොපින් මෝලට
නැග්ග මතු මහලට......
ගත්ත තලබණුව දෑතට
ඇමතුවා මම දිව්‍ය පුත්‍රව.....
හලෝ... දිව්‍ය පුත්‍ර.... මාර වැඩේ උනේ... එද්දි මාරය හම්බ්වුනානෙ මට.... දැන් මෙතනටත් එයි ද දන්නේ නැහැ, ඔයා යන්න.... මම එන්නම්.....
ඔන්න පිංවතුනි මාරය මතු මහලටත් එනවා මානවිකාව හොයාගෙන, අනේ ඉතින් මානවිකා හැංගෙනව කුළුනක් පිටිපස්සේ.
පෙර මාරය දකින්නට
පැන්න මම බිම් මහලට
දුවන්නයි තිබුනෙ මට
මෝඩ එළදෙන වුනෙමි කරුමෙට
අනේ ඉතින් මානවිකා පැන දුවන්නේ නැතුව ගත්තු බඩු වලට කාසි දෙන්ට පෝළිමේ ඉන්නවා, තමුන් මාරයව මග ඇරියයි කියන විස්වාසයෙන්
මෙන්න මම පෝළිමේ....
මරුවා මා පස්සේ
ගිඩි ගිඩිය හදවතේ
තොටත් ඇහෙනව නේද මාරේ...???
කොහෙද මේ පැත්තේ???
ගියෙ නැද්ද මනු ලෝ සේවේ???
දැන් මෙහෙද ඉන්නේ???
තොට මගේ වග මොකට මාරේ???
"දෙයි කියල හිතේ ඇති මම උත්තර....."
****යේ මම උඹට
නෙමෙයි ආවේ ******නට
මා වැනසුවා මදිවට
දෙන්න හිතෙනව කන පැලෙන්නට
ඔහොම නෙමේ කොහොම කිව්වත් කතා කරයි මම නම්...
අනේ ඉතින් මානවිකාට තුන් කන්සෙන් දාඩිය දාල, කලන්තෙ දාන්න ඔන්න මෙන්න. ලුහුබැඳීම අවසාන උනේ සුරයෝ දෙන්නෙකුගේ උදවුවෙන් මානවිකා මාර හස්තයෙන් පළා යෑමෙන්... ඒ මාතලියි, මාතලී ගෙ මිත්‍රයයි. විමානෙට ආවට පස්සෙත් මානවිකාගේ දෙපා වල මන්ඩලින් ගැහිල්ලයි බඩ පපුවෙ දැවිල්ලයි හරිගියේ නැහැ.
තවත් දෙදිනකට පස්සේ
දුටිමි ඌ මර දුවක් තුරුලේ...
තෙපලන දෙබස් ඇසුනේ
මටත් මේවයි කීවේ එ කලේ......
මාරයා හැර යන්න ගත්තු තීරණේ ගැන මම ඒ දවස් වල කොච්චර පසු තැවුනද, මම මාරයට වැරැද්දක් කරා දෝ කියල හිත හිත.... මොකද මූ පොළවෙ හැපි හැපි මැරෙන්න හැදුවනේ යන්න එපා කියලා, ඒ මදිවට නොයෙකුත් තර්ජනා ගර්ජනාත් කළා,
අනේ අපොයි මගෙ පහුගිය අවුරුදු දෙක!!!
සමහර අයව හැර යන එක දුකක් උනත් හරියි කියලා හිතෙන්නෙ පස්සෙයි.
ReplyDeleteදුකයි කියල බැහැ... යා යුතු නම්
Deleteමම හිතුවේ බ්ලොගේ මාරයා කියලා
ReplyDeleteනෑ නෑ මේ වෙන මාරයෙක්, thank you මේ පැත්තට ආවට....
Deleteමං හිතුවෙත් අපේ වසවර්ති මාරයා ගැන කියනවා කියලා..
ReplyDeleteනැතෝ...... මේ තවත් මාරයෙක්..... anyway welcome to my blog.....
Delete